Site icon Gossip Kade

යතුරුපැදි අනතුරකින් තරුණයකු මරුට

රාගම, තේවත්ත දඹුව හන්දිය අතුරු මාර්ගයේ දී තේවත්ත දෙස සිට දඹුව හන්දිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17 ක් වයසැති කැන්දලියද්දපාලුව, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version