මිටි ළමුන්ගේ ප්‍රතිශතයේ තරමක වැඩිවීමක්

0
6
A young child wants to be taller. Big things with becoming big.

වයස අවුරුදු පහට අඩු ළමුන් අතුරින් මිටි ළමුන් වැඩි පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ නවතම වාර්තා පෙන්වා දෙයි. එය ප්‍රතිශතයක් ලෙස 24.5% ක් ලෙස සටහන් වෙයි.

එසේම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදි වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ මිටි වීමේ ප්‍රතිශතය තරමක් වැඩිවී ඇති අතර පසුගිය වසරේදී මිටි ළමුන්ගේ සමස්ත ප්‍රතිශතය 10.3% ක් ලෙස සටහන් විය. මේ වසරේදී එම ප්‍රතිශතය 10.5% දක්වා වැඩි වී තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයට පසු මිටි ළමුන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි.

වයස අවුරුදු පහට අඩු ළමුන් දහතුන්ලක්ෂ එක්දහස් හයසියහතළිස් නවයක් ලියාපදිංචි කොට පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ජාතික පෝෂණ මාසය වෙනුවෙන් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මේ වසරේ ජුනි මාසය දක්වා සිදුකළ සමීක්ෂණයේදි මේ බව අනාවරණය වෙයි. මන්දපෝෂණය, පවතින නිදන්ගත රෝග පැවතීම, දරිද්‍රතාවය සමග ඇතිවූ දුර්වල මාතෘ සෞඛ්‍ය හා පෝෂණය හේතුවෙන් ළමුන්ගේ වර්ධනය අඩුවීමත් සමග මෙම තත්ත්වය ඇතිවී ඇති බවට හඳුනාගත හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

එසේම අවුරුදු පහට අඩු ළමුන්ගෙන් වැඩිම තරබාරු කමින් යුතු ළමුන් වාර්තා වී ඇත්තේ කොළඹ, කළුතර සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here