Site icon Gossip Kade

මැතිවරණයට අවශ්‍ය සියලු පාර්ශව මැතිවරණ කොමිෂන් සභාවට කැදවයි..

මැතිවරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන සෙසු අංශ ඉදිරි දින කිහිපයේ කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කර ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ලබන සෙනසුරාදා (03) සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ,නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස් වරුන් කැදවා තිබේ.

ලබන සඳුදා (05) සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති අතර සියලු අමාත්‍යංශ ලේකම්වරුන් අඟහරුවාදා (06) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා තිබේ.

Exit mobile version