Site icon Gossip Kade

බුස්ස අධිආරක්ෂිතයේ සිටින ‘කළු තුෂාර’ සන්තකයේ ජංගම දුරකථනයක් හා සිම්පතක්

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රඳවා සිටි කළු තුෂාර සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ සිම්පතක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (08) බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ D කොටසේ අංක 78 සිරමැදිරියේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි.

එහි දී එම සිර මැදිරියේ රදවා සිටින අංක X 23058 එච්.එම්. තුෂාර නොහොත් කළු තුෂාර යන රැදවියා සන්තකයේ තිබී කී පෑඩ් සහිත කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථනයක් සහ සිම්පතක් සොයාගෙන තිබුණා.

ඒවා පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Exit mobile version