Site icon Gossip Kade

බැසිල් රටින් ගියේ ඇයි? ලිමිණිත් ගියාද?

අද (20) උදැසන විදේශගත වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පක්ෂයේ මහ මැතිවරණය කටයුතු මෙහෙයවීම සඳහා ඉතා ඉක්මනින්ම යළිදිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව ) මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසිය. ඔහු එබව කියා සිටියේ, ජනාධිපතිවරණයට පෙර පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විදේශගත වීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.” බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා විදේශගත වෙන්න නියමිතව තිබුනේ මිට සති කිහිපයකට පෙර. එත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ඔහු අවසන් මොහොත දක්වාම දිවා රාත්‍රී නොබලා වැඩකලා. ඔහු විදේශගතවන බව පක්ෂයට දැනුම් දීලයි තිබුනේ.. වෛද්‍ය පරීක්ෂණවලින් පසුව, ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉක්මනින්ම එනවා.” – පොහොට්ටු පක්ෂ ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය. මේ අතර නාමල් රාජපක්ෂ ගේ දරුවන් දෙදෙනා ඔහුගේ නැන්දනිය හා මාමණ්ඩිය සමග අද උදැසන විදේශගතව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවද සාගර කාරියවසම් කියා සිටියේය. නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ සිය පවුලේ සාමාජිකයින් සමග කතරගම කිරි වෙහෙරේ ආගමික කටයුතු සඳහා සහභාගී ඇතැයි ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Exit mobile version