Site icon Gossip Kade

ධීවර කර්මාන්තය නගා සිටුවීමට රජය ගෙන ඇති තීරණය

ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන මිල සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, (ඔක්. 15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ය.

ඒ අනුව, මෙම ඉන්ධන සහනාධාරය ඔක්තෝබර් 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මාස 6ක කාලයක් සඳහා රුපියල් මිලියන 5.5ක් වෙන් කර ඇති බව ඔහු පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ, උපරිම ලීටර් ලක්ෂ 3කට යටත්ව ඩීසල් ලීටර 1ක් සඳහා රුපියල් 25ක සහනයක් ලබා දී ඇති බව ය.

එමෙන් ම, රුපියල් 9375 ක උපරිමයකට යටත්ව භූමිතෙල් සඳහා දිනකට ලීටර් 15ක් බැගින් දින 25ක් සඳහා ලීටරයකට රුපියල් 25ක සහනයක් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ඔහු පැවසීය.

ඒ අනුව, ඩීසල්වලින් 7.5% ක සහ භූමිතෙල්වලින් 12.5%ක සහනයක් ධිවර ජනතාවට ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියකට යටත්ව මෙම සහනයන් ලබා දෙන බව ය

Exit mobile version