Site icon Gossip Kade

තරුණ නාමල් ජනාධිපති කරවන්න තරුණ තරුණියන් මග බලාගෙන ඉන්නේ..

පොදුජන පෙරමුණේ තිබූ කුණු ගොඩවල් ඉවත්ව ගොස් ඇති බවත් දැන් ඉතිරී සිටින්නේ ඉතා පිවිතුරු පිරිසිදු පොදුජන පෙරමුණක් බවත් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

අද වන විට මෙරට සුවහසක් තරුණ තරුණියන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට මඟ බලාගෙන සිටින බවද ඔහු කියා සිටියි.

ඉතිහාසයේ කිසි දිනක අවුරුදු හතළිහකට අඩු පුද්ගලයකු ජනාධිපති කරවීමේ අවස්ථා උදාව නැති බවත් එය මෙවර ලැබී ඇති බවත් හෙතෙම පැවසීය.

කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Exit mobile version