Site icon Gossip Kade

ජනපති අපේක්ෂකයන් 38න් වියදම් ලැයිස්තුදී ඇත්තේ හතරදෙනයි

ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් 38 දෙනාගෙන් සිය ප්‍රචාරක වියදම් ලැයිස්තු තවමත් ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයන් සිව් දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

ජනාධිපතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයන් මෙමස 13 වැනිදාට පෙර සිය ප්‍රචාරක වියදම් ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුය.

දැනට මෙම ලේඛන ඉදිරිපත් කර ඇත්තේ පේමසිරි මානගේ, මහින්ද දේවගේ, කේ.ඒ. කුලරත්න සහ විජයදාස රාජපක්ෂ පමණි.

මෙම ප්‍රචාරක වියදම් ලේඛන සියල්ල දිස්ත්‍රික් මට්ටමින් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියේදී කටයුතු යොදා ඇත.

මෙම ප්‍රචාරක වියදම් අසත්‍ය නම් එය තහවුරු කළ හැකි ලේඛන සහිතව පොලිසියට පැමිණිලි කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

Exit mobile version