Site icon Gossip Kade

ගිං ගග ඉහලට.. ගංවතුර අවදානමක්…

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයට හා ගිං ගගෙ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන මහා වැසි හේතුවෙන් ගගෙහි ජල මට්ටම මේ වන විට ඉහළ යමින් ඇති බව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉන්ජිනේරු කාර්‍යාලය පවසයි .

අද (07) පස්වරු 06.00 වන විට ගිං ගගෙහි බද්දෙගම ජල මාපකයට අනුව ජල මට්ටම 03.20m දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විටත් ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට වැසි ලැබෙමින් පවතියි.

පහත් බිම් සහ අතුරු ඇළ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

– තවලම නිපුනි හසරංගි

Exit mobile version