
බස්නාහිර පළාතේ පවතින අධික වැසි තත්ත්වයත් සමග කඳුකර ප්‍රදේශවල එළවළු තොග කොළඹ සහ ඒ අවට ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන නොඒම නිසා, එම මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි අනාවරණය වේ.
කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග විශාල වශයෙන් ප්‍රවාහනය කෙරේ. නමුත් කොළඹ, ගම්පහ ආදී ප්‍රදේශවල පවතින අධික වැසි තත්ත්වය සමග තොග වෙළෙඳුන් කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයට නොපැමිණීම නිසා, කඳුකර ගොවීන් සිය අස්වනු තොග ආර්ථික මධ්‍යස්ථානයට නොගෙනෙන බව පැවැසේ.
මේ නිසා කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ගණන් පහත වැටී ඇත.
කෙසේ නමුත් කොළඹට එළවළු සැපයුම පහත වැටීම නිසා නාරාහේන්පිට ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු තොග සහ සිල්ලර මිල ගණන් වැඩිවී තිබේ.
බෝංචි කිලෝවක මිල රුපියල් 480ත් 500ත් අතර මිලක් දක්වාද, ලීක්ස් කිලෝවක මිල රුපියල් 200ත් 280ත් අතර මිලක් දක්වාද, මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 600ත් 800ත් අතර මිලක් දක්වාද, තක්කාලි කිලෝවක මිල රුපියල් 250ත් 360ත් අතර මිලක් දක්වාද වැඩිවී තිබේ.
කෙසේ නමුත් කැරට් සහ බීට්රූට් යන එළවළු වර්ගවල මිල ගණන් රුපියල් 160ත් 200ත් අතර පරාසයක පවතී.