Site icon Gossip Kade

ඉන්ධන සියකින් දෙසීයකින් අඩු කරන්න බෑ.. රජයේ ආදායම අඩුවෙනවා..- ඇමති විජිත

මෙවර ඉන්ධන ගාස්තු සංශෝධනය කළේ මිල සූත්‍රය අනුව නොවන බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින් සමග සිදුකළ සමාලෝචන සාකච්ඡාවකින් අනතුරුව මෙම මිල සංශෝධනය සිදු කළ බවද හෙතෙම පැවසීය.

මෙම මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු ඇතුළු අනෙකුත් ප්‍රවාහන ගාස්තු අඩු කිරීම පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන බවද ඔහු පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ අප පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

ඉන්ධන මිල එක්වරම රුපියල් සිය ගණනකින් හෝ දෙසීය ගණනකින් අඩු කළ නොහැකි බවත් හෙතෙම පැවසුවේය.

ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට තමන්ද කැමති වුවත් ලාභ පාඩු තත්ත්ව සලකා බලා ඉන්ධන මිල සංශෝධනය කර ඇති හෙයින් එකවර එවන් ගණනකින් ඉන්ධන මිල අඩු කළහොත් රාජ්‍ය මුල්‍ය තත්වයට බලපානු ඇති බවද හෙතෙම පැවසුවේය.

නමුත් ආර්ථිකය ඉදිරියේදී ශක්තිමත් කිරිමත් සමඟ ඉන්ධන මිල තවත් සහන දීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේය.

Exit mobile version