Site icon Gossip Kade

ආණ්ඩුවට දැන් සරල බහුතරයත් නෑ! අන්තිම හුස්ම හෙළමින් ඉන්නේ!

“වත්මන් විපක්ෂ නායකවරයාගේ ජය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්ති අඩිතාලමක් කරගෙන මෑත කාලයේ බිහිවූ දැවැන්ත සන්ධානය 8 වෙනි බ්‍රහස්පතින්දා බිහිවෙනවා” යැයි මහාචාර්ය ජී.එල්.පීරිස්
පැවසීය.

අද(4) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා…,

⛔මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තු ඡන්ද 134 කින් පත් වූ වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට දැන් ඇත්තේ මන්ත්‍රී ධූර 92 පමණයි. එමගින් ආණ්ඩුවට සරල බහුතරය පවා අහිමිවී ගිහින්..

⛔වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තව දින 46කින් අවසන්..

⛔අගෝස්තු මස අටවන දින මෑත කාලයේ බිහි වූ දැවැන්ත සන්ධානයේ බිහිවෙනවා.., එමගින් වත්මන් විපක්ෂ නායකවරයාගේ ජයග්‍රහණය තහවුරු කරනවා..

⛔බිහිවන දැවැන්ත සන්ධානය ප්‍රතිපත්ති අඩිතාලමක් මත ගොඩනැගෙනවා….

⛔මෑත කාලය තුළ කිසි දිනක නොවූ ආකාරයට වත්මන් ආණ්ඩුව අධිකරණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරලා..

⛔වත්මන් ජනාධිපතිවරයා අධිකරණ පද්ධති අකර්මණ්‍යය කිරීම ප්‍රසිද්ධියේ අධිකරණ විනිසුරුවරුන් විවේචනය කළා..

⛔පසුපෙළ මන්ත්‍රීවරුන් හරහා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩු වුණා යැයි පවසා විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු වලට කැඳවීමට පියවර ගත්තා…

⛔රජයේ මහා පරිමාණ වංචා දූෂණ වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නිසා අධිකරණයට දැඩි ප්‍රහාර එල්ල කරනවා.. මීට දින තුනකට VFS විසා ගනුදෙනුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව ඊට උදාහරණයක්..

⛔නැගී එමින් පැවති සංචාරක කර්මාන්තය VFS මගඩිය නිසා කඩා වැටුණා.. එනම් කලින් ගෙවීමට තිබූ මුදලට වඩා සෑම සංචාරයකු සඳහා අමතරව ඇමරිකානු ඩොලර් 17.5 ගෙවීමට සිදුවීම හරහා සංචාරක කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවදානමක් තිබෙනවා…

⛔වර්තමාන ජනාධිපතිවරයා තම අපේක්ෂකත්වය තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය තරම් වංචා-දූෂණ කිරීමට අවස්ථාව සලසා දීලා…

⛔2015 සිදුවූ මහ බැංකු මංකොල්ලය සඳහා එවකට අගමැති වූ වත්මන් ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගකිවයුතුයි. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුව අධිපතිවරයා පත්කිරීමේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෞද්ගලික වගකීම භාර ගන්නා බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා…

⛔මහා බැංකු මංකොල්ලය හා VFS මගඩිය අතර සමානකම් දැකගත හැකියි.. එනම් මෙම සිදුවීම් දෙකම සිදුවූයේ මැතිවරණ ආසන්නයේ මැතිවරණ ව්‍යාපාරවලට ප්‍රවේශයක් වශයෙන්..,

⛔VFS මගඩිය ප්‍රථමයෙන් අනාවරණය කළේ වත්මන් විපක්ෂ නායකවරයා..,

⛔වංචා දූෂණ නැවැත්වීම සඳහා අභිනව රජයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරනවා..

⛔අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ බලතල පුළුල් කිරීම සඳහා කටයුතු කරනවා.. එම බලතල වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් ප්‍රමාණවත් නෑ.. ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරනවා..

Exit mobile version