අපේක්‍ෂක ධම්මික.. නම් කරන්න කොළඹ උත්සවයක්..

0
64

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ‍ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමට තීන්දු කරන ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන බදාදා දිනයේ ඔහු පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන බවද හෙතෙම කියා සිටී.

ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කරනවා පමණක් නොව ධම්මික පෙරේරා මහතා මෙරට ඊළඟ විධායක ජනාධිපතිවරයා බවටද පත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් සකස් කර අවසන් බවත් ඔහු පැවසීය.

මෙරට ශක්තිමත්ම දේශපාලන යාන්ත්‍රණය ඇත්තේ පොදු ජන පෙරමුණ බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

මේ අතර වාර්තා වන්නේ එළැඹෙන සතියේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකත්වය නම් කිරීම සදහා කොළඹ උත්සවයක් සංවිධානය වෙමින් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here