Site icon Gossip Kade

අපිත් ආරක්ෂාව අයින් කරන් තියෙන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ආරක්ෂාවට යොදවා තිබු හමුදා නිළධාරීන් සංඛ්‍යාව අඩුකර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශන විජිත හේරත් මහතා පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැඟු පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

තමන්ගේ ආරක්ෂාවද අඩු කර ඇති බවයි විජිත හේරත් මහතා එහිදී ප්‍රකාශ කළේ.

එමෙන්ම මේ කිසිඳු කටයුත්තක් වෛරී චේතනාවකින් හෝ පළිගැනීමේ අරමුණකින් සිදුනොකරන බවත්, පක්ෂ විපක්ෂ සියළු දෙනාව එක සේ සැලකීම සිය අපේක්ෂාව බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

අනවශ්‍ය ලෙස විශාල වියදමක් දරමින් සිදුකරන මෙම ආරක්ෂක ක්‍රමවේදය නතර කළ යුතු බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Exit mobile version