අනුර ජනාධිපති වුනාම ජයග‍්‍රහණය සාමකාමීව සමරනවා..

0
56

අනුර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පරාජයට පත් වූ කිසිදු අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන්ට පහරදීමක් සිදු නොකරන බව ජාතික ජන බලයේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහනකදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

”සමහර අය කියනවානෙ මාලිමාව දිනුවාට පස්සෙ විරුද්ධවාදීන්ට කරදර කරනවා, විරුද්ධවාදීන්ගෙන් පළිගන්නවා කියලා. නෑ, කිසිසේත්ම නෑ.

මාලිමාව මෙතෙක් කල් සාමකාමීව අපේ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන ආවා. අපි ඡන්දෙන් දිනුවාට පස්සෙත් ඉතාම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව අපේ ජයග්‍රහණය සමරනවා. එනිසා මැච් එක පටන් ගන්නෙත් අතට අත දීලා, මැච් එක ඉවර කරන්නෙත් අපේ ජයග්‍රහණයෙන් අතට අත දීලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here