Site icon Gossip Kade

අනුර ජනාධිපති වුනාම ‘ජනාධිපති සහෝදරයා’ – ටිල්වින්

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වන විට ඩොලර් බිලියන 83 ක් වූ මෙරට සමස්ථන ණය ප්‍රමාණය අද වන විට ඩොලර් බිලියන 102ක් දක්වා ඉහළ දමා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එනිසා ජනාධිපතිවරයා රට ගොඩ ගත්තා යැයි කියන කතාව අසත්‍ය බවත් තව දුරටත් රට වලට ඇද දමා රාජපක්ෂලා ගොඩගෙන ඇති බවටත් ඔහු චෝදනා කළේය.

ජාතික ජන බලවේගය විසින් හලාවත දී පවත්වන ලද ජන රැලියකදී ඔහු මේ බව කියා සිටියේය.

එළඹන ජනාධිපතිවරණයෙන් පසු අනුර දිසානායක මහතා මෙරට ජනාධිපති වූ පසු ඔහු ජනාධිපති සහෝදරයෙක් වන බවත් ජනාධිපති සර් කෙනෙක් නොවන බවත් හෙතෙම තවදුරටත් එහිදී පැවසුවේය.

Exit mobile version